‘‘දූගෙ නම වීනු තිලංසා” ලක්ෂ්මි එහෙම කියද්දිම ඒ නම මගෙ හිතේ
ඇඳුණා. ඒ වගේ ලස්සන නමක් දාන්න මටත් දුවෙක් හිටිය නම් කියලත් නොහිතුණා නෙවෙයි..
අවුරුදු දෙකක්ම කප්පරක් දුක් විඳල පළ නල රැක ගත්ත වීනු දුව තවත් මට මේ දුක්
විඳින්න බෑ කියන්න වගේ අන්තිම හුස්ම පොදත් හිස් අහසට පා කරල ඇස් පියා ගත්තා...
එයාට අවුරුද්දක් පිරුණට පස්සෙ බාරයක් ඔප්පු කරන්න පල්ලි එක්කරන් ආ දවසෙ
හිනා වෙවී දාංගල් කරපු හැටි මතකයි තාමත් මට.... කෙට්ටුම කෙට්ටු සිඟිති ශරීරයක්
දරාගෙන වුණත් එයා කොයි තරම් ලස්සනට හිනා වුණාද?
මං හිතුවෙ චූටි වීනු මේ වතාවෙත් දුෂ්කර මග ගෙවලා කොහොම හරි පණනල රැක ගනියි
කියල....
ලක්ෂ්මි නොනවත්වාම ඇඬුවෙ මගෙ පැටිය මට ඕනෙ, මගෙ දුව මට ඕනෙ කියලමයි.‘ මට
ආයෙ කිසිම ආත්මෙක අම්ම කෙනෙක් වෙන්න ඕන නැහැ.. මට මේ වගේ දුකක් දරාගන්න බෑ ආයෙම’ කියල එයා කිව්වත්, මං ප්‍රාර්ථනා කළේ
නිරෝගී දරුවෙක් වෙලා වීනු ආයෙම එයාගෙම අම්මට ලැබෙන්න ඕන කියලමයි................
2014.08.14
2014.08.14
හ්ම්ම්, මොනවා කියන්නද මන්දා.. හිතට මාරම දුකක් දැනුනා..
ReplyDelete