2014.09.01
ගමනාන්තයේ දුම්රිය නැවතුම
අසල පළතුරු කඩේ මාමා මාස දෙකකින් විතර පේන්න හිටියෙ නැහැ. මම හිතුවෙ වෙන තැනක
රස්සාවට යන්න ඇති කියල.
‘‘කෝ අර අන්කල්... ඇයි පේන්න
නැත්තෙ...” ටික දවසක ඉඳන් හිතේ ගොනු වුණු ප්‍රශ්නයක්
මම කඩේ මුදලාලිගෙන් ඇහුවා.
‘‘ඇයි දන්නෙ නැද්ද?” මුදලාලිගේ මුහුණේ ඇඳුණු අඳුරු විස්මිතය බොහෝ දේ කියාපෑවා.
‘‘ඇයි? මොකද වුණේ... ”
‘‘මනුස්සය නැති වුණානෙ.
මෙතනදිම පපුවෙ අමාරුවක් හැදුණා. ඉස්පිරිතාලෙ අරන් යනකොටත් මැරිලා...”
මගතොට
හමු වී පිය සෙනෙහසින් හිනැහී කතා කළ තවත් කාරුණික මිනිසෙක් නොකියාම සමුඅරන්
තිබුණා.. මෙවැනි සමුගැනීම් බොහොමයකට පහුගිය ටිකේ මුහුණ දෙන්න වුණා.
අස්ථිර
ජීවිතය පැහැර ගන්නෙම දයාවන්ත මිනිසුන් ද මන්ද?
...............
ඊයෙ සවස
මාරිස්ටෙලා විදුහලේ පැවති සිනමා දැක්මෙදි ඇන්ඩෘ ජයමාන්න ගැන මතකය අවදි කළ ධර්මසිරි
බණ්ඩාරනායක ‘‘අපි ජීවත් වෙන්නෙ පිලිකා එක්ක. පිලිකාගත වුණු සමාජයක” කිව්වා. ඔහු
මතක් කළා මෑත කාලයේ පිලිකා නිසාම අපට අහිමි වූ වටිනා ජීවිත රැසක් ගැන. ඔහුගේ හංස
විලක් චිත්‍රපටයට සම්බන්ධ වූ කිහිපදෙනෙක්ම පිලිකා නිසා අතරමගකදි ජීවිතය අතහැර
ගිහින්.
හෘද රෝග
සහ පිලිකා........ උණ, හෙම්බිරිස්සාව තරමට සාමාන්‍යකරණය වෙලා.
සොබාදහමට
අනුගත වුණු ජීවිතයකට ආපසු හැරී යනු මිස, නිදහස් සැහැල්ලු මනසක් වෙනුවෙන් අධ්‍යාත්මික
සංහිඳීමකට යනු මිස මේ ව්‍යසනයට අන් විසඳුමක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
.............
‘‘හොඳින්ද
කෙල්ල” ඔබ ඇහුවා.
‘‘මම
හොඳින්” මම කිව්වා.
ඒත් ඇත්තටම
හොඳින් ද මම මගෙන්ම ඇහුවා.
හදවතේ
රිදුණු බිඳුණු, තැලුණු පෙළුණු තැන්වලට සාත්තු සප්පායම් කරගනිමින්, සුවපත් වෙන්න
උත්සාහ දරමින් මං උන්නෙ. දවසට සියදහස් වාරයක් ඇස් තෙත් වෙන්න ඇති. ආදරණීයයන්ගෙ
නොතේරුම් ගැනීම් තරම් හදවත බිඳ දමන සුළු අන්යමක් නැහැ.
මට
දැනෙන්නෙ හදවත වැඩි පරිස්සමට ගිනි උදුනක් උඩ තිබ්බා වගේ හැඟීමක්.
ඒත් මම
පරිස්සම් වෙනවා, අල්පෙනෙති තුඩකින් තරමවත් ඔබට නොරිද්දා ඉන්න. මට මාව රිදව
ගත්තැකි. ඒත් මට ඔබව රිදවීම කළ නොහැකියි. එයින් රිදෙන්නෙත් මටම යි. මම ඒ බව පැහැදිලිවම වටහාගෙන ඉන්නෙ.
// ආදරණීයයන්ගෙ නොතේරුම් ගැනීම් තරම් හදවත බිඳ දමන සුළු අන්යමක් නැහැ.//
ReplyDeleteහරියටම හරි අක්කේ.. අන්න එතකොට දැනෙන වේදනාව අකුරු කරන්න හරි අමාරුයි..