ජපන් ලේඛක
හරුකි මුරකමිගෙ අළුත්ම නවකතාව මෑතක එළිදක්වල තියෙනවා. ඔහු සමඟ කළ සංවාදයක් පසුගිය
රිවිර කලසේ පළ වෙලා තිබුණා.
ගාඩියන් පොත්
සමාජය හා පැවති සාකච්ඡාවෙදි ජපාන ලේඛක හරුකි මුරකමි වෙත මේ වගේ ප්‍රශ්නයක් යොමු
වෙනවා....
ලේඛකයකුට හොඳ
දේවල් මොනවද?
එයා දෙන්නෙ
මෙන්නෙ මෙහෙම උත්තරයක්.
‘‘ උදේ හවා
වැඩට යාම ඒම හොඳ නෑ. රැස්වීම් හොඳ නෑ. ප්‍රධානියෙක් හොඳ නෑ.”
අනේ දෙයියනේ
කොයි තරම් ඇත්තක්ද? ලියන්න උවමනා කරන මානසික නිදහස තියෙනව කියන්නෙ ලේඛකයෙකුට ඒ
තරම් ආශිර්වාදයක් තවත් නෑ. ඒත් ලංකාවෙ නම් එහෙම තත්වයක් ඇති වෙනව කියන එක හීනයක්
විතරයි. මට අනන්තවත් හිතෙනවා මේ රස්සාව පැත්තකට දාල නිදහසේ ලියන්න. ඒත් ඊළඟට හිතට
එන හැඟීම මාසෙ අන්තිමට පඩිය ලැබෙන නිසා නේද මේ තරම්වත් ආර්ථිකය බරක් කර නොගෙන
ජීවත් වෙන්නෙ කියන එක.
මුරකමි කතාවක්
ලියද්දි උදෙන්ම නැගිටල ග්‍රැමෆෝන් තැටියක් වාදනය කරනවලු. විණාඩි 10 ක් 15 ක් යද්දි
එයාට ඒ සංගීතය ඇහෙන්නැතිව යනවලු.
කොයි තරම් නිදහස්ද?
ඉරිසියත් හිතෙනවා. අපේ ජීවිත ඊට වඩා වෙනස්නෙ. හරිම යාන්ත්‍රිකයි. පාන්දර හිත
ඇහැරිලා හිත හිත ඉන්න වෙලාවට හිතට එන අදහස් කොයි තරම්ද? ඒත් දැන් ඉතින් නැගිටින්න
ඕන, උයන්න ඕන, වැඩට යන්න ඕන කියල හිතෙද්දි හිත මැළවිලා යනවා. ඒ සිතුවිලි වැළලිලා
යනවා.
සමහර වෙලාවට
කෝච්චියෙ එද්දි කවි කතා හිතේ පෙළගැහෙනවා. මතු ලියන බලාපොරොත්තුවෙන් ඒවා හිතේම පරිස්සම් කරගන්නෙ අමාරුවෙන්. සමහර
වෙලාවට අමතක වෙලා. කොයි තරම් මතක් කළත් මතක් වෙන්නෙම නෑ. ඒ වෙලාවට හරි දුක
හිතෙනවා.
මේ යාන්ත්‍රික
ජීවිතෙන් ගැළවිලා නිදහස් වීම තමයි මට තියෙන ලොකුම සිහිනය... එතනට යන එකනම් ලේසි නැහැ.
No comments:
Post a Comment