by Rauf Janibekov
|
සිරි සිරි වැස්ස යට
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...
ඉද්ද ගහ සරසන
සුදු මල් හිනාවට
උරදෙන ඇත් පවුර
නිශ්චල ව දැහැනක..
සිලි සිලි නදින
බෝ පත් මුමුණන
ස්නේහයේ මියැසිය
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...
සුවහස් වදන් ගොනු කොට
නිශ්චලත්වය මත
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...
දුප්පත්ම හෝඩියකින්
වචන අහුලන හදවතක
හෘද සුත්‍රය
අදත් පෙර ලෙසම
ගොළුව සැඟවිණ...
ගොළුව සැඟවිණ...