2014.06.25
මේ දවස්වල ඉන්නෙ
පල්ලිය ආසන්නයෙම නිසා හැමදාම උදේට පල්ලියට ගොඩවෙලා නිස්කලංක මිනිත්තු කිහිපයක් ගත
කරලයි වැඩට පිටත් වෙන්නෙ. නිස්කලංක දැහැන බිඳ වැටුණා අද පල්ලියට එන යන මුහුණු
දැක්කම...
වැඩට යන්න කළියෙන්
නානාප්‍රකාර වාහනවලින් වගේම පයිනුත් පල්ලියට ගොඩ වෙලා යන ජනකාය හිමිදිරියෙ ඉඳන්ම
අඩුවක් නැහැ..
මහා බරක් හිස මත පටවා
ගත්ත වගේ උරහිස් නවාගෙන වැඳ වැටෙන මිනිසුන්....
මුහුණේ මහා දුක් අඳුරක්
එළාගෙන පිළිම දිහා බලන් ඉන්න මිනිසුන්...
ශ්‍රද්ධාවටද, බයටද,
දුකටද මන්දා... හඳුනාගත නොහැකි හැඟීම්වලින් ඇද වුණු මුහුණු සහිත මිනිසුන්...
දෙවියන්ට හායි කියල ආව
වේගයෙන්ම පිටවෙලා යන මිනිසුන්...
කප්පරක් ඉල්ලීම්, දුක්
අඳෝනා, ප්‍රශ්න.... දෙවියන් ඉස්සරහ ගොඩගැහෙනවා ඇති..
කාගෙවත් මුහුණක
හිනාවක් නැහැ... මේ තරම් නැවුම් උදෑසනක් වෙලත්... හිනා නැති රොබෝ මූණු...
දෙවියන්ටත් අනේ අපොයි කියල හිතෙනවා ඇති...
මම නම් කැමති සෙනග අඩු
වෙලාවට පල්ලි යන්න.. දෙවියන්ට කරන්න චෝදනාවත්, බාර දෙන්න දුක් ගැනවිලිවත් අරන්
යන්නෙ නෑ මම... පල්ලියට ගොඩ වුණාම හිතට දැනෙන්නෙ සැහැල්ලුවක්.. හිතේ පිපෙනවා නිස්කංලක හිනාවක්... ඒ සැහැල්ලුව
විඳින්නයි මං පල්ලි යන්නෙ...
‘‘මේ ආදරවන්ත ලස්සන
ජීවිතය මට දුන්නට
ස්තුතියි ජේසුනී..” ඉඳහිට දවසක
ඇරුණම පල්ලියට ගොඩ වෙන බොහෝ අවස්ථාවල මගේ හිතට නිරායාසයෙන් එන සිතුවිල්ල මේ...
No comments:
Post a Comment