දුරකථනය හඬ නොනගාම වෙව්ලුවා.. පාන්දර 2.30. සේපාලි.. වෙන්න බැරි වැඩක්.. මේ
පාන්දර...
තද නින්ද කැඩිලා මං ගැස්සිලා බලන් උන්නා.. දුරකතනය නොනවත්වාම සේපාලි නම
පෙන්වමින් දැල්වුණා.
හිත අනතුරු ඇඟෙව්වා.. ගැස්සුණ හිතින්මයි මම දුරකථනය කණට ළං කර ගත්තෙ...
‘‘අනේ.. තරංගි” කියද්දිම මගේ හිත අනතුරු ඇඟවුම නිශ්චිත අදහසක් බවට පරිවර්තනය කළා...
‘‘ඇයි අම්මට” මං ඇහුවා..
‘‘අනේ තරංගි අම්මා නැති වුනා.... අද අවසන් කටයුතු කරනවා...” සේපාලි කිව්වා..
දෙයියනේ අද?... පොළොන්නරුවෙ... ඉතින් යන්නෙ කොහොමද?
ජීවිතේ හමුවූ තවත් ආදරණීයම අම්ම කෙනෙක්... සමුනොගෙනම සමු ගෙන යනවා...
ලස්සන ම මතකය
ලස්සන ම මතකය
මට ඈ ගැන තියෙන ලස්සනම මතකය ...
වසර දහයකට විතර එපිට සරසවි නිවාඩු කාලෙක මං
පොලොන්නරුවෙ සේපාලිගෙ ගෙදර ගියා. ඒ දිනවලම ඥාති විවාහ මංගල උත්සවයක් යෙදිල තිබුණා
එයාලට... මං උත්සාහ කළේම ගෙදර නවතින්න. ඒත් සේපාලිගෙ අම්ම එකඟ වුණේම නැහැ.
සේපාලිටයි පොඩි අක්කටයි වගේම මටත් ලස්සන සල්වාර් එකක් අන්දල, කොණ්ඩ මෝස්තරයක්
දාලා, මලක් ගහල මාවත් මගුල් ගෙදර එක්කරගෙන ගියා. එයාගෙ ඥාතීන්ට මාව අඳුන්නල දුන්නෙ
මට තවත් දුවෙක් ලැබුණා කියල.... ඇත්තටම ඒ ගෙදර මට මගේ ම ගෙදර වගේ වුණා...
ඉතින් ඒ අම්මයි අද නොඑනා ගමන් යන්නෙ...
ආදරණීය අම්මේ ඔබට සදාතනික සැනසුම... නිවීම...
සාහිත්‍ය සංසාර චාරිකා
හවස සේරි ප්‍රකාශන විදියට නිකුත් වුණු මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවන්ගෙ පරිවර්තන කිහිපය සහ ඩබ්.ඒ. අබේසිංහ මහත්මයා පරිවර්තනය කළ හෙසගෙ සිද්ධාර්ථ දොරට වැඩුමේ උත්සවයට ගියා. ජාතික පුස්තකාලයට.. සිද්ධාර්ත ගන්නත් ලොකු ඕනකමක් තිබුණා...
සාහිත්‍ය සංසාර චාරිකා
හවස සේරි ප්‍රකාශන විදියට නිකුත් වුණු මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවන්ගෙ පරිවර්තන කිහිපය සහ ඩබ්.ඒ. අබේසිංහ මහත්මයා පරිවර්තනය කළ හෙසගෙ සිද්ධාර්ථ දොරට වැඩුමේ උත්සවයට ගියා. ජාතික පුස්තකාලයට.. සිද්ධාර්ත ගන්නත් ලොකු ඕනකමක් තිබුණා...
මණ්ඩාවල හාමුදුරුවන්ගෙ
කතාවෙන් අඩක් අහන්න ලැබුණෙ. නමුත් ඒ ටික බොහොම හිතට ඇල්ලුවා... මුනිවර ලකුණු ගැනයි
හාමුදුරුවො කතා කළේ... මුනිවරියක් වීම කෙසේවෙතත් ඒ මාර්ගයට ඇතුළු වෙන්නවත් ඇත්නම් හොඳයි කියල හිතෙනවා. නිශ්චලත්වය තුළ නිසංසල දිවියක්....
එස්.ජී. පුංචිහේවා
මහත්මයා ළඟටම ගිහින් කතා කළා. ඊයෙ ෆාද ඇලොයි ආදරය සහ සේවය ගැන කතා කරද්දි
පුංචිහේවා මහත්මයව මතක් කළේ හරිම ආදරයකින්, ගෞරවයකින්... ක්‍රිස්තු ජීවන මාර්ගයේ
නොසැලී යන අන්‍යාගමිකයෙක් කියලයි ෆාද ඔහුව අගය කළේ... මම ඒ බව කිව්වම බොහොම නිහතමානීව
හිනාවුණා..
අද හරිම ඓශ්චර්යමත්
දවසක් කියලත් හිතෙනවා.. පහුගිය දවස් ටිකේ තුලන ඉද්දි උත්තරානන්ද හාමුදුරුවන්ගෙ
චිත්‍ර නිතරම දකිමින් උන්නෙ... අද ඒ හාමුදුරුවොත් මුණ ගැහුණා... කතාබහ කළා...
සාහිත්‍ය සංසාර චාරිකා
කියවල තිබුණත් ළඟ තිබුණොත් හොදයි කියල හිතිලයි තිබුණෙ කාලෙක ඉඳල.. අද ඒ පොත් දෙකත්
ගත්තා...
අතේ සතේ නැති වුණත් පොත් ගන්න දෙපාරක් නොහිතන එක මගේ හොඳ ගුණයක්ද? නරක
ගුණයක්ද මන්ද? මේ පොත් පිස්සුව නිසා වෙලාවකට මොන තරම් ආර්ථික අමාරුකම්වලට මුහුණ
දෙනවද? ඒත් නොගෙන ඉන්නත් බැහැනෙ....
මොන දේ තිබුනත් පොතක් කියවන එක තරම් නිදහසක් සතුටක් තවත් තියෙනවද ඉතින්..
ReplyDelete