By Pino Deainy |
2014.08.16
කුරුණෑගල පදවි
දහම් පාසල් රැලිය අද යකඩපත දේවස්ථානයෙදි පැවැත්වුණා. ළමයි එක්දාස්පන්සීයක් විතර
ඉන්න ඇති. ළ.ක්‍රි.වී. යට පැවරිලා තිබුණෙ උදෙන්ම ගීත භාවනාවක් කරන්න. මේ තරම් ළමයි
ගොඩක් එක්ක මොන ගීත භාවනාද? අපි ඒකට ගීතිකා කිහිපයකුත්, ළමා ගීයක්, තවත් ගීත දෙකක්
එකතු කර ගත්තා. සමස්ත වැඩසටහනේ මූලික තේමාව වුණේ ආදරය..........
ළමා ගී වැඩසටහනක්ම
කරන්න තිබුණ නම් වඩා හොඳයි.... ඒ වෙලාවත්, ළමයි සංඛ්‍යාවත් ගීත භාවනාවකට සුදුසු
නැහැ... නමුත් අපි උපරිම උත්සාහයක් දැරුවා සහ එය සාර්ථකයි කියල හිතෙනවා...
වැඩේ ඉවර වෙලා
ස්ටේජ් එකෙන් බහිද්දි ඈන්.. අපි උසස් පෙළ පන්තියෙදි තමයි වඩාම දැන අඳුන ගත්තෙ. දැන්
එයා අම්ම කෙනෙක්, උස මහත පිරිපුන්...
‘‘තාම පොඩි
එකා වගේ ස්ටේජ් එකේ නටනවා නේද?” ඈ හිනාවෙලා
කිව්වා.
‘‘පොඩියි
නේන්නම්, දාසයයි මාසයයි.” මමත්
හිනාවෙලා කිව්වා.
ඇත්තටම ළමයි
එක්ක වැඩ කරද්දි, ළමයි එක්කම ඉද්දි අපිත් ළමයි වෙනවා. වයස යනව දැනෙන්නෙ නැහැ. මට
දැනටවත් හිතෙන්නෙ නැහැ මට වයසයි කියල.... ඒත් ළමා වැඩසටහන්වලට ගියාම දැන් දරුවො
ඇන්ටි කියනවා, ඉස්සර වගේ අක්ක නොකියන එක ගැන හීනියට දුකක් දැනී නොදැනී යනවා. ඒක
තමයි යථාර්ථය. ඇත්තටම දැන් මම නැන්දා කෙනෙක් දරුවන්ට....... අක්කා කෙනෙක්
නෙවෙයි.........
ඉල්මිණි
නංගිගෙ අම්මා ඇඹරැල්ලා බීම එකක් හදල තිබුණා... අපට... හරිම රසයි, මං පළමු වතාවට
ඇඹරැල්ලවලින් හැදූ බීම බිව්වෙ... ලංකාවෙ කොහේ කොතැනක ගියත් ළක්‍රිවි පවුලෙ කෙනෙක්
ඉන්නවා.. ඒකම ජීවිතේ ලැබූ කොයි තරම් වාසනාවනක්ද?
....................
අද වැඩසටහන
නිම වෙලා යන අතරෙ කට්ටියම මගේ ගෙදර ( තනියෙන් ඉන්න අපේ ගෙදර ) ආවා... ෆාද, සිස්ට,
ප්‍රභාත් අයිය, නංගිලා... මුල්ම වතාවට ආවෙ. එයාලට සතුටුයි. හරිම නිදහස්, නිස්කලංකයි
කිව්වා. සිස්ට කියනවා ‘‘මේ ගෙදර ඉඳල කොළඹ එන්න නොහිතෙන එක පුදුමයක් නෙවෙයි” කියල.... නිදහසේ ඉන්න ඕන වුණාම එයාත්
එනවලු..
අනිවාර්යයෙන්ම..... ගෙට පදිංචි වුණ මුල්ම කාලෙ ලක්මාල් මල්ලි
කමෙන්ට් කරල තිබුණ මතකයි ඔය ගෙදර දොර කවදාවත් වහන්න වෙන්නෙ නෑ කියල.... ඒත් ඉතින්
දැන් නම් වැඩිපුරම තියෙන්නෙ වහල තමයි.
ඇත්තටම මට ඕන
වුණේ මගේ ගෙදර ආදරය, නිදහස පිරුණු තැනක් කරන්න... ලියන, කියවන අයට, හිතට දුකක් දැණුනම
සැහැල්ලුවක් ඕන වෙන හිත මිතුරු හැමදෙනාට ඇවිත් ඉන්න........
ඒත් තවත්
ගොඩක් වැඩ තියෙනවා කරගන්න. ඒ නිසා කාටවත් ඇරයුම් කරන්න විදිහක් නැහැ. ඒක එහෙමයි
කියල මහා ගොඩක් ණය අරගෙන හිතේ නිස්කලංකෙ නැති කරගන්නත් බෑ මට.. ණයකාරියක් වීම හිතට
මහ බරක්. හෙමිහිට වැඩ ටික කරගන්නවා...
ඇත්ත අක්කේ, ළමයි එක්ක ඉද්දී අපිත් නොදැනිම ළමයි වෙනවා.. මාත් මේ ටිකේම ෆ්ලැට් එකේ පොඩි එවුන් එක්කමයි.. උන්ටත් ඉස්කෝල නිවාඩු හන්දා මං එනකන් බලාගෙනමයි ඉන්නේ..
ReplyDelete