මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව..........
මා
පැවසුයේ ඊයේ නොවේද? නමුත් අද,
ඔබේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට
මා උගෙන නැත තව.......
අපමණ
බැතිබර සෙනෙහසකින් මම සිතමි. අල්ප වූ අහිමිවීම් මැද වධ වෙවී සිටින බොළඳ සිතකට
ලැබුණු අගනාම ස්වර්ගීය තිළිණය ඔබද?
...........
අද
උදේ එළියට බැස්සෙම මල් වැස්සක... වැහිබර අහස අඳුරක ගිළිල තිබුණත් ගස්වැල් පිරිමැදගෙන නිස්කලංකෙ ඇද
හැළුණු පොද වැස්ස දිහා මං බලන් උන්නෙ හරිම පහන් හැඟීමකින්. ඒ හැඟීම දෑස තෙත් කැවෙන
ආනන්දනීය විස්මයක් වුණේ දිලිනිගේ කතාබහත් එක්ක...........
හරිත තුරු ලිය පෙමින් සිඹ සිඹ
විසිරි සිරි සිරි අසිරි මල් වැසි
දිනක් ආයෙද සොඳුරු අරුමැසි
හදක්
නහවා ස්නේහ මල් වැසි........
..........
දැන්
මං අපේ ගෙදර....... තනියෙන් ඉන්න......ඒත් අද තනිකමක් දැනෙන්නෙ නැහැ හිතට.......
No comments:
Post a Comment