ළා
රත් නෙළුම් මලක
සිනිඳු
පෙති මත වතළ
දිය
බිඳක පැහැය විනිවිද
දකිමි
ඔබ හදවත...
පිච්ච
කැකුලක සුසුදු පෙති මත
වැතිර
සැනහෙන
සුමුදු
සුවඳක
විඳිමි
ඔබ හදේ සෙනෙහස..
හැම
තත්පරයකම
එකම
යැදුමක්..
එකම
පැතුමක්..
මුදන්න
මා තෘෂ්ණාවෙන්
බිඳින්න
මා මේ බැම්මෙන්
හිඳින්න
ළංවී පෙර මෙන්
නිවෙන්න
හදවත් ස්නේහෙන්...
නුවර
වැව් බැම්ම අස
සිහිල්
සුළඟක පා කර හරිමි
හද
පිරූ ළතැවුල්...
සඳු
දෙසම ඇහැ තියන්
ඇවිද
ගිය අතීතයෙ
පය
පැකිල ඇද වැටුණු
වාර
නම් කොතරම්ද?
මෙන්න
සඳ මා ළඟම
වැව්
දියෙහි රැළි අතර
ඔච්චමට
හිනැහෙමින්
ළඳ
බොළඳ හිත ගැනම...
( මධුයි, පුතයි, නංගියි එක්ක දළදා මාළිගාවට ගිහින් හැන්දෑවම වැව රවුමෙ ඇවිදිමින් උන්නා.. හිත නිවුණු සැඳෑවක්....2015 ජනවාරි 17)