Thursday, November 12, 2015

හෘද සූත්‍රය

by Rauf Janibekov


සිරි සිරි වැස්ස යට  
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...

ඉද්ද ගහ සරසන
සුදු මල් හිනාවට
උරදෙන ඇත් පවුර 
නිශ්චල ව දැහැනක..

සිලි සිලි නදින
බෝ පත් මුමුණන
ස්නේහයේ මියැසිය
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...

සුවහස් වදන් ගොනු කොට
නිශ්චලත්වය මත
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...

දුප්පත්ම හෝඩියකින්
වචන අහුලන හදවතක
හෘද සුත්‍රය 
අදත් පෙර ලෙසම
ගොළුව සැඟවිණ...

3 comments:

  1. හුඟක් වෙලාවට ඔහු අකුරු අමුණ ගන්න බැරුව හිත් ගොළු වෙනවා අක්කේ..

    ReplyDelete
  2. සුන්දරයි....................... තරුවෝ.

    ReplyDelete