Wednesday, December 3, 2014

සිනා සී ඇවිදින්



මීදුම් කබාය පොරවගෙන
ශිතලෙන් ගැහි ගැහී
මහල්ලෙක් වගේ
වක ගැසී උන්නේ
නොවැම්බරය.....

ඉරු කිරණ ඇඟිලි තුඩගින්
පිරිමදිමින් හිස
සිනා සී ඇවිදින්
අඩි තිය තියා හෙමිහිට
දෙසැම්බර් යෞවනිය.....

කාලෙකට පස්සෙ අද උදේ ඉරු රැස් එක්ක එළියට බැස්සා.......... දීප්තිමත් ආරම්භයක් තිබුණ දවසක්.

සන්ධ්‍යක්කා ගැන ලියැවුණු කවිය බූන්දියේ පිටු අතර හමුවුණා ඊයෙ. ( නොනිම් සන්ධ්‍යාව සතුටුයි හිතට. ඒත් ඇත්තටම ඒ කවියක් නෙවි, කඳුලක්. මට දුකයි එයා ගැන. ඒ වගේම පුදුමයි එයාගෙ ධෛර්යය ගැන....


ඊටත් වඩා සතුටු ඒ කවිය එක්ක බැඳුණු ඔබේ ආශිර්වාදය... 

5 comments:

  1. දෙසැම්බර් යෞවනියගෙන් පස්සේ කවුද එන්නේ??

    ReplyDelete
    Replies
    1. ජනවාරි ඉළන්දාරියා...... අපූරුයි නේද?

      Delete
    2. හෙහ්, මාත් ජනවාරි ඉළන්දාරියෙක් හන්දා කමක් නෑ ඉතින්.. ^_^

      Delete
  2. තරූ......................

    අැයි මේ අඩවිය ගැන අපිට කිව්වේ නැත්තේ...............හරි ම අමාරුවෙන් හොයාගත්තේ......... දැන් ඉතින් ඒපා කිව්වත් ඒනවා හරිය..........

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ කරන්න උවමනාවක් තිබුණෙ නැහැ.... මගේ ම සතුටට විතරක් ලිව්ව බ්ලොග් එකක්.. ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete