ළා
රත් නෙළුම් මලක
සිනිඳු
පෙති මත වතළ
දිය
බිඳක පැහැය විනිවිද
දකිමි
ඔබ හදවත...
පිච්ච
කැකුලක සුසුදු පෙති මත
වැතිර
සැනහෙන
සුමුදු
සුවඳක
විඳිමි
ඔබ හදේ සෙනෙහස..
හැම
තත්පරයකම
එකම
යැදුමක්..
එකම
පැතුමක්..
මුදන්න
මා තෘෂ්ණාවෙන්
බිඳින්න
මා මේ බැම්මෙන්
හිඳින්න
ළංවී පෙර මෙන්
නිවෙන්න
හදවත් ස්නේහෙන්...
නුවර
වැව් බැම්ම අස
සිහිල්
සුළඟක පා කර හරිමි
හද
පිරූ ළතැවුල්...
සඳු
දෙසම ඇහැ තියන්
ඇවිද
ගිය අතීතයෙ
පය
පැකිල ඇද වැටුණු
වාර
නම් කොතරම්ද?
මෙන්න
සඳ මා ළඟම
වැව්
දියෙහි රැළි අතර
ඔච්චමට
හිනැහෙමින්
ළඳ
බොළඳ හිත ගැනම...
( මධුයි, පුතයි, නංගියි එක්ක දළදා මාළිගාවට ගිහින් හැන්දෑවම වැව රවුමෙ ඇවිදිමින් උන්නා.. හිත නිවුණු සැඳෑවක්....2015 ජනවාරි 17)
කවිය ගැන මුලින් ම කියන්නම්කෝ........................ හරිම අගෙයි..... පද ගලපන්න හිත කොච්චර නිවිලා තියෙන්න අැද්ද කියලා හිතෙනවා...
ReplyDeleteනුවර වැව රවුම ගත්තා ම ඒ නිදහස් පරිසයට අාය මොනවට කියනවාද. අැත්තමට හරිම නිස්කලංක පරිසරයක්.... මාලිගාවෙන් අැතුල් පැත්තට ගිහිං අර මාලිගාවේ පොලීසිය දාලා තිබ්බ බිසෝ වරුන්ගේ නාන කාමරය වගේ ඒක පැත්තෙන් තව ඒහාට ගියාම තියෙන අවන්හල පැත්තට ගියාම නම් හරි ම නිස්කලංකයි... සුන්දරයි.... අපිත් හැකි හැම වෙලාවට ම ඒ පැත්තට යනවා.... ඒතන අවන්හලේ කෑමත් හරිම රසයි..... උඩතට්ටුවට ගියාම නියමයි.............
ආයෙම දවසක යන්නම්කො ඒ අවන්හලට... මම මේ සැරේ තමයි මුල්ම වතාවට වැල් බෝධියත්, පත්තිනි දේවාලයත් දැක්කෙ...
Deleteකිතුනු වුණත් මම හරිම ආදරය කරන, ගරු කරන තැනක් දළදා මාලිගාව.... ඒත් ඉස්සර තිබුණ නිස්කලංක බව දැන් නැතිදෝ කියලත් හිතෙනවා... ඒක එහෙම වෙන්නෙ නිතරම සෙනග වැඩි නිසා... සෙනග අඩු දවස් තියේ නම් හොඳයි යන්න...
නුවර වැව රවුම.. හ්ම්ම්.. එකම එක සුන්දර මතකයක් තියෙනවා.. ඒ මතකයේ ආයේම ගිලෙන්න බැරි එකයි දුක..
ReplyDeleteකවිය ලස්සනයි අක්කෝ..